ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන මූලික විමර්ශනයේදී හෙළි වූ දේ...

පුද්ගලයින් 22 දෙනෙකුට මරු කැඳවමින් කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ අනතුර අදාළ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් සිදුවූවක් නොවන බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව බස් රථයේ ප්‍රමාණය ඉක්මවූ පිරිසක් ගමන් කිරීම, අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇති බවට සැකපළ කෙරෙන බවයි නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බන්ඩාර පවසන්නේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් හරහා මේ වනවිට පුළුල් විමර්ශන සිදුකෙරෙන අතර ඉන් අනතුරුව අනතුරට හේතුවූ නිශ්චිත කරුණු අනාවරණය වනු ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post
reload