
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට එල්ල කළ ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එම සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව සාධාරණ පරික්ෂණයක් මඟින් තරාතිරම නොබලා දඬුවම් ලබාදීය යුතු බව ඔහු සඳහන් කළේය.
$ads={2}
සාමකාමී අරගලයට මුවාවී කිසියම් අවස්ථාවාදි කඩාකප්පල්කාරි පිරිසක් විසින් සිදුකරන දේපළ විනාශ කිරීම් හා ජන ජීවිතය ව්‍යාකුල කරවන සිදුවීම්වලට කොන්දේසි විරහිතව එරෙහි වන බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදෙයි.
ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී රටක් වෙනුවෙන් මෙතෙක් සුරක්ෂිතව රැගෙන ආ පුරවැසි අරගලයට කළු පැල්ලමක් එක් කිරීමට වෙරදරන පිටස්තර බලවේග පිළිබඳව අවදානයෙන් සිටින ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමස්ත සාමාජයෙන් ඉල්ලීමක් කරයි.