ලංකාවට විශාල වට්ටමක් සහිතව ඉන්ධන දෙන්න රුසියාව සූදානම්..


ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ලබා දීම සඳහා රුසියානු රාජ්‍ය සමාගම් දෙකක නියෝජිතයින් මෙරට පැමිණ සාකච්ඡා කර කර පිටව ගොස් තිබේ.

එම රුසියානු සමාගම විසින් ශ්‍රී ලංකාවට අවබෝධතා ගිවිසුම් සකස් කර ඒවා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන් මේ සඳහා එකඟ වන්නේ නම් මාසිකව ඩොලර් මිලියන 300ක බොරතෙල් ණයට දීමට එම සමාගම සූදානම් බව දන්වා එවා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
$ads={2}
මෙම ඉන්ධන සදහා මුදල් ගෙවිය යුත්තේ අවුරුද්දකට ණය සහන කාල සීමාවෙන් පසු බවත් එම ඉන්ධන ලබා දෙන්නේද ලෝක වෙළඳ පොලේ වත්මන් මිලට වඩා අඩු මුදලකට බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් රුසියානු යෝජනාවට තෙල් සංස්ථාවේ නීති අංශයේ නිලධාරීන් විසින් මෙම සමාගමේ නීත්‍යානුකූලභාවය නොසලකා අදාළ ගනුදෙනු සිදුකළ නොහැකි බව දැනුම් දී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අද පැවැති විවාදය අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post