ආරාධනා ලැබුණොත් ජනපතිකම බාර ගන්න සූදානම්



සමගි ජනබලවේගයේ එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණ හොත් ජනාධිපති ධුරය බාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

මේ වන විට අගමැති ධුරය බාරගන්නා ලෙසටත් දිගින් දිගටම පොහොට්ටුව පාර්ශවයෙන් තමන්ට ආරාධනා ලැබෙමින් තිබෙන බවයි සරත් ෆොන්සේකා සඳහන් කරන්නේ.
$ads={2}
යුද්ධයට නායකත්වය දීමේ දී ද තමන්ට නොයෙකුත් අභියෝගය එල්ල වූ බවද, රට වෙනුවෙන් අභියෝග භාරගැනීමට තමන් පසුබට නොවන බවද ඔහු පවසනවා.

තමන්ට රට වෙනුවෙන් වගකීම් බාර දෙන්නේ නම් අරගලයේ නිරත මහජනතාවගේ අරමුණ ජයග්‍රහණය කර, රට ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post