ආණ්ඩුවක් හදනවා නම් හෙට අස්වන බව රනිල් කියයි


එළැඹෙන 15 වනදා පාර්ලිමේන්තුව කැදවීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.

ඉන්පසු 19 වනදා ජනාධිපති ධූරය සදහා නාමයෝජනා කැදවීමටත් , 20 වනදා ජනාධිපතිවරයෙකු තෝරන ඡන්දයක් පාර්ලිමේන්තුව තුළ පැවැත්වීමට එකඟ වී ඇත.
$ads={2}
මේ අතර එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මතය ප්‍රකාශ කරමින් සදහන් කර ඇත්තේ රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට දිනයේදී හෝ සර්වපාර්ශ්වික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවයි.

එසේ සර්වපාර්ශ්වික ආණ්ඩුවක් පිහිටු වන්නේ නම් හෙට දිනයේදීම තමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

මේ අතර හෙට (12) දහවල් 2.30ට අරගල කණ්ඩායම සමග පක්ෂ නායකයින් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ සදහා අරගලය කණ්ඩායමේ නායකයින් යැයි පැවසෙන 25දෙනෙකු ඊට සහභාගිවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post