සජිත් අගමැති කර නව රජයක්…


ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඉවත් වූ පසුව විපක්ෂනායකවරයා විකල්ප අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වෙන්නේ ඇයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂනායකවරයා යනු විකල්ප අග්‍රාමාත්‍යවරයා බවද හෙතෙම පවසයි.
$ads={2}
එනිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව රජයක් බිහිකර ජනතාවගේ ගැටලු සමනය කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

පවතින අර්බුදකාරී තත්වය අවසන් කළ යුත්තේ පාර්ලිමේන්තුව හරහා බවත් එසේ නැතුව රටේ අරාජිකත්වයක් ඇති වුවොත් ඇෆ්ගනිස්ථානය සූඩානය ටියුනීසියාව ලෙස වනු ඇතැයිද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post