ඉල්ලා අස්වෙන්න පෙර කැබිනෙට්ටුව විසුරුවනු - අරගලකරුවන් ජනාධිපතිට දැනුම් දෙයි..


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර කැබිනට් මණ්ඩලය විසුරුවා හැරිය යුතු බව නිර්පාක්ෂික අරගලකරුවන් සඳහන් කරයි.
$ads={2}
නෙත් ගුවන්විදුලිය වෙත එහි නියෝජිතයකු වන වෛද්‍ය නිලංග සමරසිංහ මහතා සඳහන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසුව නව ජනාධිපතිවරයෙකු සහ අගමැති වරයෙකු තෝරා ගැනීමේ බලය පාර්ලිමේන්තුවට හිමිවනු ඇති බවයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා කිසිසේත්ම වැඩබලන ජනාධිපති ධුරය නොදැරිය යුතු බවත් නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුරය දැරීමට විරුද්දත්වයක් නැති බවත් ඔහු සඳහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post