අගමැති රනිල් වැඩබලන ජනපති ලෙස දිවුරුම්දීම අද ?


ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම කථානායකවරයා විසින් තහවුරු කිරීමත් සමඟ හිස්වන ජනාධිපති ධුරය සඳහා එම ධුරයේ වැඩ බැලූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිතව ඇත.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් වූ නිල ප්‍රකාශය අද සිදුකරන බව කථානායක කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සදහන් කළේ ශ්‍රි ලංකාවේ සිංගප්පූරු තනාපති කාර්යාලය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත ලැබුණු බවය.
$ads={2}
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ මාලදිවයිනේ සිට සිංගප්පුරුව බලා පිටත්වීමෙන් අනතුරුව අදාළ ලිපිය යොමුකර තිබුණි.

කථානායක කාර්යාලය සදහන් කළේ එහි නිත්‍යානුකූලභාවය පිළිබඳව පරික්ෂා කිරීමෙන් අනතුරුව ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම්දෙන බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 එක වගන්තියට අනුව කථානායකවරයා වෙත තම අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට හැකියාව පවතී.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ දේශපාලන රැකවරණ ඉල්ලා නොමැති බවට සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ සිංගප්පූරුව කිසිදු පාර්ශවයක් සඳහා දේශපාලන රැකවරණ ලබා නොදෙන අතර ජනාධිපතිවරයා පැමිණ ඇත්තේ පෞද්ගලික සංචාරයක් සඳහා බවටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post