ඔමික්‍රෝන් නව ප්‍රභේදය දැඩි අවදානම්


ඔමික්‍රෝන් නව ප්‍රභේදය ප්‍රබලව බෝවීමේ අවදානමක් රටේ පැවතියත් ආසාදිතයන් පරික්ෂා කිරිම සඳහා රැපිඩ් ඇන්ටිජන් කට්ටල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල තුන්සිය හැටපහේම හිඟ බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි එමෙන්ම වෛද්‍යවරුන් හඳුනාගන්නා ආසදිතයින්ට වඩා වැඩි කොවිඩ් අසාදිතයින් ප්‍රමාණයක් සමාජයේ සිටින බව ද කියාසිටී.

ඔමික්‍රෝන් නව ප්‍රභේදය මේ වන විට හඳුනාගෙන ඇති අතර පසුගිය කාලයට සාපේක්ෂව පසුගිය දින දහය ඇතුළත කොරෝනා රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග ⁣විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් සමඟ මරණ අනුපාතය ද වැඩිවන බව ද ප්‍රාථමික එන්නත්කරණය (පළමු සහ දෙවන මාත්‍රාව ) සම්පුර්ණ කර වසරක් ගතවු පසු එහි ප්‍රතිශක්කරණය අඩුවන බව ද ඔහු සඳහන් කළේය.
$ads={2}
වයස අවුරුදු විස්සට (20) වැඩි පුද්ගලයින් ලක්ෂ හැටක් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ බුස්ටර් මාත්‍රාව ලබාගෙන නොමැති අතර වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයින්ගෙන් ලක්ෂ දහයක පමණ පිරිසක් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු වර්ධක මාත්‍රාව ලබාගෙන නොමැති බව ද ඔහු කීවේය.

කොවිඩ් අසාදිතදැයි පරික්ෂා කිරිම සඳහා පි.සි.ආර් පරික්ෂණ කට්ටල ද අවශ්‍ය ප්‍රමාණයට නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ චෝදනා කරයි.

මේ වනවිට බිම් මට්ටමේ රෝග ලක්ෂණ සහිත රෝගීන් වැඩි පිරිසක් සිටින බවත් පවතින ආර්ථික අර්බුදය හමුවේ කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහළ ගියහොත් සිදුවන කොවිඩ් මරණ වළක්වා ගැනීමට නොහැකි වන බවත් ඔහු පැවසුවේය.

කොවිඩ් ආසාදිතයිකන් පරික්ෂා කිරිම සඳහා රසායනාගාර පහසුකම් නොමැති වුවහොත් මෙම රෝග ව්‍යාප්තිය පාලනය කිරීම අසීරුවන බව ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පෙන්වා දෙති.

රැපිඩ් ඇන්ටිජන් හිඟය සම්න්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන කොවිඩ් සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි ගෙන් කළ විමසීමක දි ඔහු සඳහන් කළේ රැපිඩ් ඇන්ටිජන් හිඟතාවයක් නෙමැති බවත් වෛද්‍ය සැපයුම් අංශය සතුව අවශ්‍ය ප්‍රමාණයට රැපිඩ් ඇන්ටිජන් කට්ටල ඇති බවත්ය. ඉදිරියේදි තවදුරටත් රැපිඩ් ඇන්ටිජන් අවශ්‍ය නම් එම අවශ්‍යතාවය සපුරාගැනිමටද හැකියාව පවතින බව හෙතෙම සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පෙරේදා (26 වැනිදා) දිනයේදී කොවිඩ් මරණ හතරක් තහවුරු කර ඇත. පිරිමි පුද්ගලයින් දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු මෙලෙස මියගොස් තිබේ.

ඊයේ (27 වැනිදා) දිනයේදී කොවිඩ් රෝගීන් 154 ක් වාර්තා වී ඇත. පෙරේදා (26 වැනිදා ) වාර්තා වු කොවිඩ් අසාදිතයින් එකසිය දහනවදෙනා (119) බස්නාහිර පළාතෙන් වාර්තා වි ඇති අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙනි.

වරුණි පෙරමුණ / ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ – කොළඹ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post