ඉන්ධන ලබාගැනීම ගැන හදිසි නිවේදනයක්


ඉන්ධන ලබාගැනීම සඳහා සියලුම ත්‍රීරෝද රථ හිමියන් තමන්ට අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ, ජූලි(31) වනදාට පෙර සියලුම ත්‍රීරෝද රථ එලෙස ලියාපදිංචි විය යුතු බවය.

එමෙන්ම ත්‍රීරෝද රථ ලියාපදිංචියේ දී ආසන්න පිරවුම්හල නම් කළ යුතු අතර, අගෝස්තු(01) වනදා සිට ත්‍රීරෝද රථවලට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ එලෙස නම් කළ පිරවුම්හලෙන් පමණක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම්දෙයි.
$ads={2}
මේ අතර, උද්‍යාන උපකරණ, ජනන යන්ත්‍ර සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිතා කරන්නන් තම ඉන්ධන අවශ්‍යතාවය අනුව සතිපතා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තම අවශ්‍යතාවය මත ලියාපදිංචි විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එහිදී ද ආසන්න ඉන්ධන පිරවුම්හලක් නම් කරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තවද චැසි අංකය සමඟ ලියාපදිංචි විය නොහැකි වාහන භාවිත කරන්නන්ට සිකුරාදා සිට වාහන ආදායම් බලපත්‍රය සමඟ ලියාපදිංචි විය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

එමෙන්ම 49CC බයිසිකල් භාවිත කරන්නන් ඔවුන්ගේ ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබාගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව ද අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් දන්වා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post