
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇත.
$ads={2}
එමගින් නිමල් සිරිපාල ද සිල්වා පෙන්වා දී ඇත්තේ තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන අපේක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන තෙක් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.
ජපාන සමාගමකින් අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි නිමල් සිරිපාල ද සිල්වා අමාත්යවරයාවරයාට චෝදනා එල්ල වන අතර, විපක්ෂනායකවරයා ද පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.