ඉන්ධන ලබාදීම උපරිම ලෙස සීමා කරයි


ඉන්ධන බෙදාහැරීමේ කටයුතු එළැඹෙන 21 වෙන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඉන්ධන සඳහා කෝටාව හිමිවන අවසර පත්‍රය ක්‍රියාත්මක වන තුරු රථවාහන සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමට තීරණය කර තිබේ.
$ads={2}
වාහන කාණ්ඩ අනුව ඉන්ධන නිකුත් කරන සීමාවන් මෙසේය.

යතුරු පැදි – රුපියල් 1500
ත්‍රී රෝද – රුපියල් 2000
අනෙකුත් වාහන – රුපියල් 7000

එමෙන්ම වාහනවලට ඉන්ධන ලබා දීම සදහා වාහන අංකයේ අග ඉලක්කම අනුව සතියේ දින බෙදා දී ඇත්තේ මෙසේය.

0, 1, 2 – අඟහරුවාදා සහ සෙනසුරාදා
3, 4, 5 – බ‍්‍රහස්පතින්දා සහ ඉරිදා
6, 7, 8, 9 – සඳුදා, බදාදා සහ සිකුරාදා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post