ලංකා IOC සමාගම හදිසියේම ගත් තීරණය


ඉන්ධන නිකුත් කිරීමේදී ක්‍රියාත්මක කෙරුණු ටෝකන් ක්‍රමය අත්හිටුවීමට ලංකා අයි.ඕ.සී. (IOC) සමාගම තීරණය කර තිබේ. අයි.ඕ.සී. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පෙන්වා දෙන්නේ ක්‍රියාත්මක කිරීමේදී උද්ගතව ඇති යම් යම් ගැටලු හේතුවෙන් ඉන්ධන බෙදාහැරීම සඳහා තවදුරටත් ටෝකන් ක්‍රමය භාවිත නොකරන ලෙස තම පිරවුම්හල් වෙත උපදෙස් ලබාදී ඇති බවයි. කෙසේ වෙතත් ඊයේ (4) දිනයේදී ලබාදී තිබූ ​ටෝකන් සඳහා IOC පිරවුම්හල් වෙතින් ඉන්ධන නිකුත් කෙරෙනු දැකගත හැකි විය.

පෙරේදා (3 වැනිදා) විශේෂ ජනමාධ්‍ය හමුවක් පවත්වමින් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සඳහන් කරන ලද්​දේ ඉන්ධන නිකුත් කිරීම සඳහා ටෝකන් ක්‍රමයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඛනිජ තෙල් සංස්ථාව පිරවුම්හල්වලට උපදෙස් ලබාදී නැති බවය.
$ads={2}
පසුගිය ජුනි 24 සහ 25 වැනි දිනවලදී ඇතිවූ ඉන්ධන පෝලිම් සම්බන්ධ අර්බුදය නිරාකරණය කිරීම සඳහා එම දින දෙකට අදාළව පමණක් තාවකාලිකව ටෝකන් ක්‍රමයක් හඳුන්වා දුන් බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එහෙත් ඉන් අනතුරුව දිවයින පුරා සියලුම ඉන්ධනහල් ඔස්සේ ඉන්ධන බෙදාහැරීම සිදුකෙරුණේ ටෝකන් ක්‍රමයට අනුකූලවය. එම ටෝකන් ක්‍රමය ක්‍රියාත්මක කරන ලද්දේ ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාවට යොදවා සිටි හමුදා සාමාජිකයන් විසිනි.

නයන තරංග ගමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post