පිරවුම්හල් රැසක ඉන්ධන නිකුත් කරන්නේ මෙහෙමයි


ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු මෙරට සමස්ත ඉන්ධන පිරවුම්හල්වලන් අඩක පමණ මේ වන විට ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දෙන්නේ ඊයේ (27) දිනය වන විට ඉන්ධන පිරවුම්හල් 481ක මෙම ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සිදුවු බවය.

සිපෙට්කෝ පිරවුම්හල් 409ක සහ IOC පිරවුම්හල් 72ක ඉන්ධන අවසර පත්‍රය අනුව ඉන්ධන නිකුත් කිරීම මේ වන විට සිදුකෙරේ.
$ads={2}
ඒ අනුව රථ වාහන 158,208කට ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුකර ඇති බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා රථ වාහන 4,296,950ක් ලියාපදිංචි වී තිබේ.

අගොස්තු මස පළමු වැනි සිට ඉන්ධන අවසර පත්‍රය දිවයින පුරා සියලුම ඉන්ධන පිරවුම්හල්වල අවසර පත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post