විභාග පැවැත්වෙන දින මෙන්න


2022 වසරේ උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 28 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මේ බව පැවසීය.
$ads={2}
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ 2021 වසරේ අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු මස දී නිකුත් කරන බවය.

මේ අතර මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන නෙැවැම්බර් මස 27 වැනිදා පැවැත්වෙන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල් සහ මැයි මාස අතර පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post