ධම්මික පෙරේරා ජනාධිපති සටන අරඹයි…


ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා ජනාධිපති සටන අරඹා ඇති බවද ලංකාදීප අන්තර්ජාල පුවත්පත වාර්තා කරයි.

අග‍්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවට අමාත්‍ය ධම්මික පෙරේරා මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයෙන් පසු එම පුවත්පත මෙසේ සඳහන් කර තිබේ.
$ads={2}
ධම්මිකගේ ජනාධිපති සටන ඇරඹේ – ධම්ම්ක රනිල්ට ගහයි

රනිල් වික්‍රමසිංහ මහතා වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අද(06) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.

ඔහු මෙහිදී සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ආර්ථිකය ගොඩගැනීම සඳහා කිසිදු සැලැස්මක් නොමැති බවයි.

එවැනි සැලැස්මක් තිබේ නම් තමා සමග විවාදයකට එන ලෙසත් ධම්මික පෙරේරා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කළේය.

ධම්මික පෙරේරාට අගමැති සහ ජනාධිපති සිහිනයක සිටි බව සැම දන්නා රහසකි. සියල්ල හමුවේ ඔහු තමන්ගේ සිහිනයේ යාත්‍රා කරමින් සිටින බව විචාරකයින් පවසති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post