දිවයින පුරා හදිසි නීතිය - බස්නාහිර ට ඇඳිරිනීතිය


වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය බලාත්මක කිරීමට වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

එමෙන්ම දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමටත් අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබේ.
$ads={2}
කලහකාරී ක්‍රියාවල නිරත වන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීම ට පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට අවසර ලබා දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇත.

එමෙන්ම කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් ප්‍රවාහන කරන රථවාහන අත්අඩංගුවට ගැනීමට ද ආරක්ෂක අංශ වෙත බලය පවරා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post