යුද හමුදාවෙන් හදිසි නිවේදනයක්


කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට උත්සාහ දැරූ විරෝධතාකරුවන්ට සිතා මතා හානිකිරීමේ අරමුණින් වෙඩි තැබූ බවට සිදුකරන ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරවල සත්‍යතාවක් නොමැති බව යුද හමුදාව සඳහන් කරයි.
$ads={2}
විරෝධතාකරුවන් එම පරිශ්‍රය වෙත ඇතුළුවීම වැළැක්වීම උදෙසා අහසට මෙන්ම ජනාධිපති මන්දිරයට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුවේ පැති බැම්මට වෙඩි ප්‍රහාර කිහිපයක් තැබීමට පියවර ගත් බව ඔවුන් සඳහන් කළේය.

අහසට වෙඩි තැබීම සහ ගේට්ටු පැති බැම්මට වෙඩි තැබීම වළක්වාලීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කළ අතර එය කිසිසේත්ම විරෝධතාකරුවන්ට ශාරීරික හානියක් සිදුකිරීම සඳහා ගත් පියවරක් නොවන බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post