
බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව හා සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් එළඹෙන සඳුදා (27) දිනයේ සිට ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද (25) දිනයේ තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
$ads={2}
ඉන්ධන ගැටලුව හේතුවෙන් දිවයින පුරා සියලු ප්‍රධාන නගරවල පිහිටි පාසල් පසුගිය සතියේදී නොපැවැත්වීමට එම අමාත්‍යංශය තීරණය කර තිබිණි.
ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරීමට බස්නාහිර ඇතුළු සියලු පළාත් අධ්‍යාපන ප්‍රධානීන්ට අවසර ලබාදී තිබුණු අතර ප්‍රාදේශීය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල්වල සිසුන්ට , ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ප්‍රවාහන අපහසුතා බලනොපාන තත්ත්වයක් යටතේ එම පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා පළාත් අධ්‍යාපන නිලධාරීන්ට අවසර ලබා දී ඇත.