බැසිල් පාර්ලිමේන්තුවෙන් අස්වෙයි.. ධම්මික පාර්ලිමේන්තුවට.. ඔහුට ප්‍රබල ඇමතිකමක්..


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත ඇති බව ඉහළ පෙළේ දේශපාලන කවයන්හි සාකච්චා වෙමින් ඇත.
$ads={2}
ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇතැයිද එම තොරතුරු පැවසීය.

ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තුවට පැමිණි පසු ආර්ථිකය, ආයෝජන ප්‍රවර්ධන වැනි ආර්ථිකයට අදාල ප්‍රබල අමාත්‍යධූරයක දිවුරුම් දෙනු ඇති බවද සඳහන්ය.

පාර්ලිමේන්තුවට පිවිස ප්‍රබල අමාත්‍ය ධූරයක් බාර ගැනීම සම්බන්ධයෙන් ධම්මික පෙරේරා මහතාද මෑතකදී ඉඟි පළ කර තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post