ඉදිරි සති තුනේ ඉන්ධන හා ගෑස් ගේන්න අමාරුයි.. ගමන් බිමන් අඩු කරන්න..- අගමැති


ඉදිරි මාසයේ මාස 6 දී රට නොවැටී පවත්වා පවත්වාගැනීම සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් අවශ්‍ය වෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම අප 2019 වසරේ තිබූ බදු ක්‍රමයට යා යුතුව තිබෙනවා අප නැගිටීම පටන් ගත යුත්තේ වැටුණු තැන සිටයි.පවත්වාගෙන යාමට හැකි රජයට ආදායමක් ලබාගත හොත් පමණයි.

ආදායම යහපත් වන තුරු අකමැත්තෙන් වුවත් තවත් රුපියල් ට්‍රිලියනයක් පමණ මුදා හැරීමට සිදු වෙනවා.දැඩි අර්බුදයට ලක්ව ඇති ක්ෂෙත්‍ර හඳුනාගෙන ඒවාට සහන ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.

ඉදිරි කාලයේදී දුෂ්කර සති තුනක් එළඹෙන අතර දුෂ්කර කාලයෙන් පසුව ඉන්ධන හා ගෑස් නිස පරිදි බෙදා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය කරමින් පැවසීය.

“තව මාස කිහිපයක් ආහාර අතින් බරපතල තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. දෛනික ආහාර අවශ්‍යතා යාන්තමින් හෝ සපුරා ගැනීම සඳහා පිටරටින් ආහාර ගෙන එන්නට සිදු වේවි.කඩා වැටෙමින් තිබෙන කෘෂිකර්මය ගොඩනැංවීමේ කාර්යය අප වහාම ආරම්භ කළ යුතුයි.දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමට රසායනික පොහොර අවශ්‍යයි”

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීමට සහාය ලබා දෙන්නැයි සමස්ත ලෝකෙන්ම ඉල්ලීමක් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවිධානයේ සූදානම් වෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“2023 වසර අවසන් වෙද්දී අප ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගත යුතුයි.ජාත්‍යන්තර සහයෝගය උපරිමයෙන් ලබා ගත යුතුව තිබෙනවා.

වැරදි ක්‍රියා මාර්ග නිසා අප ලෝකයෙන් කොන් වෙමින් තිබෙනවා. ඒ තත්ත්වය නැවත හැරවීම ලෙහෙසි නැහැ.මෙි විට අප විදේශ රාජතාන්ත්‍රිකයන් සමඟ කතා කරමින් සිටිනවා.
$ads={2}
අපට ආධාර දෙන රටවල් එක්කොට ආධාර සමුළුවක් පවත්වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“ඉදිරියේ ණය ගෙවීමේ වගකීම අපට තිබෙනවා රටවලින් ලබාගත් ගත් ණය ආපසු ගෙවීමේ සැලසුමකට පැමිණි සැනින් අවධානය යොමු කළ යුත්තේ අප රට ලබාගෙන තිබෙන පෞද්ගලික ණය සම්බන්ධවයි.ලබාගත් ණය ගෙවීමට නම් විදේශ විනිමය තිබිය යුතුයි. ඒ සඳහා ඉක්මනින් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි.සිංගප්පූරුව සහ ඩුබායි අතර තවත් ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දියුණු කිරීමට හැකියාව තිබෙනවා.සිය වන නිදහස් සමරුව 2048 වසරේ දී ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් බවට පත්කිරීම අපේ අරමුණයි.

අතුරු අයවැය මගින් රජයේ අනවශ්‍ය වියදම් කපා දමන අතර අනෙකුත් වියදම් සීමා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“එමෙන්ම අර්බුදයට ලක්ව ඇති ක්ෂෙත්‍රය යළි යළි නඟා සිටුවීමට කටයුතු කරනවා. සංචාරක ක්ෂේත්‍රය ඉදිකිරීම් ක්ෂේත්‍රය නගා සිටුවීමට කටයුතු කරනවා.එමෙන්ම සහන ලබාදිය යුතු කොටස් සම්බන්ධයෙන් එම විශේෂ අවධානයක් යොමු කළ යුතු බව මූල්‍ය අරමුදලට පෙන්වා දුන්නා.ආහාර සඳහා මුදල් නැති අයට නොමිලේ ආහාර ලබා දීමට කැබිනට් මණ්ඩලයේ මණ්ඩලයේදී තීරණය කළා .හැම දෙනාටම තුන්වේලක් ආහාර සැපයීම අපේ යුතුකම යි.

හෙක්ටයාර දෙකකට අඩු කුඩා ඉඩම් වල වී වගා කරන ගොවීන් ගේ ගොවි ණය සියයට සියයකින් සම්පූර්ණයෙන්ම කපා හරින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හැම අංශයක්ම ආරක්ෂා කරගෙන ඉදිරියට යාම රජයේ අපේක්ෂාව බවද අග්‍රාමාත්‍යවරයා කීය

– Lankadeepa

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post