
පවතින ඉන්ධන හිඟය හමුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදුකිරීමට තීරණය කරනු ලැබීය.
ඊයේ පැවති කැබිනට් හමුවේදී මෙම තීරණය ගත් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
$ads={2}
අත්‍යවශ්‍ය සේවා ලෙස නම්කර ඇත්තේ ප්‍රවාහන, සෞඛ්‍ය, ගුවන්තොටුපොළ, දුම්රිය, වරාය, ත්‍රිවිධ හමුදාව සහ කෘෂිකාර්මික ප්‍රවාහනය ආදී ක්ෂේත්රයන්ට අදාළ සේවාවන්ය.
ඒ අනුව මෙම තීරණය එළඹෙන ජුලි මස 10 වනදා දක්වා ක්‍රියාත්මක වෙයි.