පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්



පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම හා සාපරාධී බලහත්කාරය පෑම යන සිද්ධීන්ට අදාළව තංගල්ල හිටපු නගරාධිපති රවිදු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

පොලීසිය පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාආරච්චි මහතාගේ පුත්‍රයා වන සැකකාර රවිඳු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ මේ වන විට පොලිසිය මඟහරිමින් ප්‍රදේශයෙන් බැහැරව සැඟව සිටින බවට තොරතුරු ලැබී ඇති බවය.

කැබ් රථයක අනාරක්ෂිත ලෙස ශීතකරණයක් පටවා අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවෙන් ඇතුළු වීමට පැමිණි මොවුන්ට එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකු ගමන් කිරීමට අවසර නොදීමත් සමග සැකකරු හා සැකකාරිය පරුෂ වචනයෙන් බැණ වදිමින් පොලිස් සැරයන්වරයාගේ රාජකාරියට බාධා කර තිබුණි.
$ads={2}
ඊට අදාළ වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙයි.

සිද්ධියට අදාළ සැරයන්වරයා මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර සැකකරු, සැකකාරිය හා ඔවුන්ගේ sgPG-4507 දරණ කැබ් රථය පිළිබඳව තොරතුරක් දන්නේ නම් වීරකැටිය පොලිසිය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඉල්ලීමක් කර සිටී.

අදාළ දුරකථන අංක පහතින්

ස්ථානාධිපති වීරකැටිය - 071-8591493
වීරකැටිය පොලිස් ස්ථානය - 047-2246226


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post