වසර පහම ඉන්නවා.. ෆේල් වෙලා ගෙදර යන්නෙ නෑ…



තම ධුර කාලය නිමවීමට පෙර ධුරයෙන් ඉවත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

වසර පහක කාලයක් තමන්ට ජනවරමක් හිමිවී ඇති බවත් ඒ අනුව ඉදිරි වසර දෙකක කාලය ද තමන් ධුරයේ සිටින බවත් හෙතෙම පවසයි.
$ads={2}
එසේම නැවත මැතිවරණයකට තරග නොකරන බවද පවසන ඔහු අසමත් ජනාධිපතිවරයෙක් ලෙස ධුරයෙන් ඉවත්ව යාමට නොහැකි බවද සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ‘බ්ලූම්බර්ග්’ වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

මාස ගණනක් විරෝධතා පැවැත්වුවද තමන් ධුරයෙන් ඉවත් නොවන බව පවසා ඇති ජනාධිපතිවරයා මේ මොහොතේ තම අවධානය යොමු කර ඇත්තේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිළිබඳව බවත් සදහන් කර ඇත.

වාර්තාව මෙතනින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post