හෙට සිට ඉන්ධන මිල වැඩිවෙන්නේ මෙහෙමයි?


ඉන්ධන මිල හෙට (24) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේ ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල වැඩි වන බවයි.

ඒ අනුව සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 60 කට ආසන්න මුදලකින් ඉහළ දැමීමට නියමිතයි.
$ads={2}
භූමිතෙල් ලිටරයක් රුපියල් 200 කට වැඩි මිලක් දක්වා ඉහළ දැමීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින්
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින්
ඩීසල් වර්ග දෙකම ලීටරයක මිල රුපියල් 56 කින්
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 65 කින් ඉහළ දැමීමට නියමිතව තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය මැයි මස 24 වැනිදා කළ අවසන් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 400 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 445 ක් දක්වා ඉහළ දැමීය.

- ada.lk

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post