
බෝම්බ බියක් හේතුවෙන් කැනඩා පාර්ලිමේන්තුවේ කටයුතු පැය කිහිපයකට අත්හිටුවා තිබුණා.
එරට දේශසීමා ඒජන්සියේ බුද්ධි අංශය කළ අනතුරු ඇඟවීමකට අනුවයි මෙම කටයුත්ත සිදුකර ඇත්තේ.
$ads={2}
පාර්ලිමේන්තුව අසළ නවතා තිබූ සැකකටයුතු වාහන දෙකක පුපුරණ ද්‍රව්‍ය තිබෙන බවට ලද තොරතුරක් මත මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති අතර, කෙසේ වෙතත් පසුව ඒ පිළිබඳව ඔටාව පොලිසිය සිදුකළ විමර්ශනවලදී එය ආරක්ෂාවට තර්ජනයක් නොවන බවට අනාවරණ වී තිබුණා.