රටේ වගකීම භාරගැනීමට අපි සුදානම් - අනුර කුමාර


වත්මන් දේශපාලන අර්බුදය අරාජිකත්වය නිමකරමින් රට නව මඟකට ගැනීමේ වගකීම භාරගැනීමට ජාතික ජන බලවේගය සුදානම් බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මේ මොහොතේ පැවැත්වෙන එම පක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මැතිවරණයක් සඳහා මේ මොහොතේ යෑමට ඉඩකඩ නොමැති බැවින් කරුණු දෙක මත පදනම්ව තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස මෙය යෝජනා කරන බව ද අනුර කුමාර මහතා කියා සිටියේය.

රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය විසඳීම සඳහා පහත දැක්වෙන කරුණු කිහිපයට අදාළව ජාතික ජන බලවේගය විසින් යෝජනාවලියක් මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.
$ads={2}
1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම සිය ධූරයෙන් ඉවත්විය යුතුයි.

2. දැනට ඇමතිවරයෙක් නොමැති තත්ත්වයක් තුළ කථානායකවරයා තාවකාලිකව වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ යුතුයි.

3.වර්තමාන ආණ්ඩුවත්, වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන බැවින් ආණ්ඩුව පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති බැවින් වත්මන් පාර්ලිමේන්තුවේ සිදුකරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බැවින් ද මාස 6ක් තුළ නව ජනවරමකින් නව ආණ්ඩුවක් පිහිටවිය යුතුයි.

4. ඒ අතරතුර කාලය සඳහා තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස ක්ෂණික මැතිවරණයක් සඳහා යෑමට නොහැකි නම් ඒ කාලය සඳහා රට නව මඟකට ගැනීමේ වගකීම භාරගැනීමට ජාතික ජන බලවේගය සුදානම් බව.

"මෙම අර්බුදය පියමං කරගැනීම සඳහා, වගකීම ජාතික ජන බලවේගය භාරගැනීමට සුදානම්. එවැනි අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න අපි සුදානම්. බැහැයි අපි කවුරුත් දන්නවා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අපේ කුඩා ප්‍රමාණයක් ඒ නිසා පාර්ලිමේන්තුවේ දී ජාතික ජන බලවේගයට, අපේ මුලිකත්වයෙන් ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වන සහාය අනික් පක්ෂවලින් ලබාදිය යුතුයි. එසේ ලබාදෙනවා නම්, මෙම අර්බුදය සමනය කරගැනීම සඳහා මෙම දේශපාලන අස්ථාවරත්වය සමනය කරගැනීම සඳහා එම ආණ්ඩුවේ වගකීම භාරගැනීමට අපි සුදානම්. හැබැයි ඒක තියෙන්නේ අප අතර විතරක් නෙමෙයි. අනෙක් දේශපාලන පක්ෂවල එකඟතාවයක් ලැබෙනවා නම් පමණයි. එසේ නොවන්නේ නම්, දෙවැනි එක, එසේ නොමැති නම් කෙටි කාලයක් සඳහා වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු එහි කොටස්කරුවන් නොවී විපක්ෂයේ සිට අපේ සහාය දෙනවා."

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post