කොළඹ දී වෙඩි තිබ්බේ කාටදැයි හෙළි වේ


කොළඹ බැස්ටියන් මාවතේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට බස් නැවතුමේදී අද (30) වෙඩි ප්‍රහාරයකට ලක් වී ඇත්තේ හාම්පුතා විසින් පැවරූ නඩුවකට පෙනී සිට ආපසු එමින් සිටි හිටපු යුද හමුදා සෙබළුන් 3 දෙනකු බව වාර්තාවේ.

යුධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ මෙම සෙබළුන් තිදෙනා පසුව ඉන් ඉවත් වී කොළඹ 07 පිහිටි සුඛෝපභෝගී අවන්හළක සේවය කර ඇත. එහිදී වැටුප් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් හේතුවෙන් අදාල අවන්හළට පහර දී අලාභ හානි සිදු කිරීමේ චෝදනා මත අධිකරණයේ නඩුවක් ගොනු වී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
$ads={2}
නඩුව විභාගයට ගත් අද දින අදාල අවන්හල් හිමියා අධිකරණයට පැමිණ නැත. මෙම තිදෙනා නඩුවට පෙනී සිට සිය නිවෙස් කරා යාමට බස් නැවතුමේ රැඳී සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත. වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ එප්පාවල මහඉලුප්පල්ලම පදිංචි ලක්ෂිත විරාජ් ලියනගේ නම් 30 හැවිරිදි තරුණයෙකි.

තරුණයින් තිදෙනා තමන්ට සිදවූ අසාධාරණය පිළිබඳව කම්කරු දෙපාර්තමෙන්තුවේ ද පැමිණිල්ලක් දමා ඇති අතර කම්කරු උසාවියේ ද මේ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වෙන බව පොලිස් විමර්ශණවලදී අනාවරණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post