සිරගෙදරින් නිදහස් වෙන්න රජගෙදරින් රන්ජන්ට පණිවිඩය ඇවිත්ද ?


අදට යෙදී තිබෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් සිරගතව සිටින සිරකරුවන් 244 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවයි.

කෙසේ වෙතත් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය රංගන ශිල්පි රන්ජන් රාමනායක මහතාගේ නමත් ඒ අතර තිබේද යන්නයි.
$ads={2}
ඔහුව නිදහස් කරන ලෙසට ඉල්ලා බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලීම් කර තිබූ අතර ඊයේ දිනයේදී ඒ සඳහා බල කරමින් කලාකරුවන් පිරිසක්ද විරෝධතාවයේ නිරත වූවා.

එහෙත් මෙම ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත්ව ඇත්දැයි මෙතෙක් තහවුරු වී නොමැති අතර මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔහුව නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තු වුවද එය ඉටු වී තිබුනේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post