මහින්ද අගමැතිකමින් ඉල්ලා අස්වෙයි?


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

අද සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවූ අතර එම රැස්වීම අතරවාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
$ads={2}
දැඩි බරපතල උණුසුම් වාද විවාද මැද පැවති මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වී නව අග්‍රාමාත්‍යවරයෙකු සමග අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසා දිය යුතු බවට යෝජනා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුලදී එකඟතාවක් දක්වා නොමැති අතර පසුව ඒ සඳහා කැමැත්ත පළ කරමින් පවසා ඇත්තේ ලබන සඳුදා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව තමන් අග්‍රාමාත්‍ය ධුරය අත්හැර දැමීමට සූදානම් බවයි.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන අගමැති ධුරය සඳහා බොහෝ විට මීට පෙර අග්‍රමාත්‍ය ධුරය දැරූ පරිනත දේශපාලනඥයෙකු පත්වනු ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post