ඇඳිරි නීතිය ගැන නවතම නිවේදනය මෙන්න


මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදෑසන 7ට ඉවත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
$ads={2}
කෙසේ වෙතත් හෙට පස්වරු 02.00ට යලිත් ඇඳිරි නීතිය පැනවෙනු ඇති.

එලෙස පැනවෙන ඇඳිරි නීතිය 13 වනදා (2022-05-13) අලුයම 6 දක්වා බල පැවැත්වෙනු ඇති.

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නොමැති බවද අදාළ නිවේදනයේ සඳහන්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post