අගමැති ගත් තීරණය මෙන්න…


තමන් ධුරයෙන් ඉවත් වන්න ද එපා ද යනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයට රැස්ව සිටි පිරිස ගෙන් විමසා සිටියේය.

එහිදී එහි සිටි පිරිස එක හඬින් කියා සිටියේ යන්න එපා ඉන්න යනුවෙනි.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තමන්ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් වටින්නේ මව්බිම බවයි.

ජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට තමන් සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය
$ads={2}
දේශපාලන අභිලාශයන් වෙනුවෙන් රට අරාජික කිරීමට තමාට අවශ්‍යතාවයක් නැතැයි ද පැවසූ ඔහු ජනාධිපතිවරයාට බාධාවකින් තොරව තීන්දුවකට එළඹිය හැකි බවත් 69 ලක්‍ෂයක ජනතාවගේ අභිලාශය පාවා දෙන්නට කාටවත් අයිතියක් නැතැයි ද සඳහන් කළේය.

කෙසේ වෙතත් ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහු එහිදී කියා සිටියේ නැත.

“ඔවුන්ට අවශ්‍ය බලය විතරයි. අපි එකතු වෙලා රට ගොඩ නගමු කිව්වට ඒකට එකඟ වුණේ නෑ. දැන් සර්ව පාක්ෂික ආණ් ඩුවක් යෝජනා කරනවා.

ජනාධිපතිතුමාට බාධාවකින් තොරව තීන්දුවකට එලඹෙන්න පුළුවන්. පොදුජන යහපත වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න අපි සූදානම්. 69 ලක්ෂයක ජනවරම පාවාදෙන්න්නට කාටවත් හැකියාවක් නෑ.

මම දේශපාලනයට ගොනාවේ ඔබතැබූ විශ්වාසයයි. මම ඉන්නේ ජනතාවගේ පැත්තේ. මේ රටේ අනාගතය වෙනුවෙන් ඔබත් එක්ක එක තීරණයකට එන්න අපි සූදානම්. මට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මව්බිමයි. ”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post