ඉන්ධන මිල යළි ඉහළට - අලුත්ම මිල ගණන් මෙන්න


ඊයේ රාත්‍රියේ සිට නැවතත් ඉන්ධන මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සඳහන් වන්නේ රුපියල් 420.00 ක් ලෙසින්.

එහි පැරණි මිල පැවතියේ රුපියල් 337.00 ක් ලෙසටයි. එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 450.00 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
$ads={2}
මේ වර්ගයේ පෙට්‍රල් ලීටරයක පැරණි මිල සටහන් වූයේ රුපියල් 373.00 ක් ලෙසටයි. රුපියල් 289.00 ට මිල කර තිබූ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 400 ක් දක්වා ඉහළ දමා ඇති බවයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111.00 කින් වැඩිවී තිබෙනවා.

මීට අමතරව රුපියල් 329.00 ට මිල කර තිබූ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 445.00 ක් දක්වා ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.

මෙම අවසන් මිල වැඩිවීම සිදුවූයේ පසුගිය අප්‍රේල් මස 19 වනදා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post