පෙට්‍රල් ලැබෙන දිනය ගැන විශේෂ දැනුම්දීමක්


අද (18) සහ හෙට (19) යන දින දෙක තුළ පෝලිම්වල රැඳීසිටියත් පෙට්‍රල් ලබාදීමට නොහැකි බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු ජනතාවට දැනුම්දෙන්නේ සිකුරාදා (20) දිනයේ සිට පෙට්‍රල් බෙදාහැරීම ආරම්භ කළත් ඉන්ධනහල් තුළින් නිකුත් කිරීමට ද දින 3ක් පමණ ගතවිය හැකි බවය.
$ads={2}
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙට්‍රල් හිඟයට හේතුව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

කෙසේවෙතත් ඩීසල් ලබාගැනීමේ කිසිඳු ගැටලුවක් නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post