මහින්ද රාජපක්ෂ මහතා සිටින තැන මෙන්න


ආරක්ෂාව සළකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේ තැන්න පවසනවා.
$ads={2}
පසුගියදා අරලිය ගහ මන්දිරය අසළ ඇතිවූ සිදුවීමත් සමඟ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ එම ස්ථානයේ රැඳී සිටීම සුදුසු නොවන නිසා ඔහුගේ ආරක්ෂාවට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බවයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සඳහන් කළේ.

මෙලෙස හිටපු අගමැතිවරයා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගියේ තාවකාලිකව බවත් පවතින තත්ත්වය යහපත් වූ පසුව ඔහු කැමති ස්ථානයකට පිටත් කර හරින බවයි අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post