නව මුදල් ඇමති මෙන්න..


අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපිටදී අද (25) දිවුරුම් දීමට නියමිතය.
$ads={2}
වෙනත් විෂයන්වලට ඇමැතිවරුන් දිවුරුම් දී ඇතත් මුදල් ඇමැතිවරයකු මෙතෙක් දිවුරුම් දී නොතිබිණි. මුදල් ඇමැති ලෙස දිවුරුම්දීමෙන් පසු සිය පළමු රාජකාරිය සහන අයවැයක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බව අගමැති රනිල් වික්‍රමසිංහ වාණිජ මණ්ඩල හා ආර්ථික උපදේශකයන් සමග පෙරේදා (23) පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. අගමැති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

ප්‍රාග්ධන වියදම් අඩු කර එම මුදල් සුභසාධන කටයුතු සඳහා වැඩි වශයෙන් යොමු කිරීමටද අගමැතිවරයා තීරණය කර ඇත. ඩොලර් වැඩි වශයෙන් ලංකාවට ගෙන ඒම සඳහා වූ විවිධ ක්‍රමවේද ද මෙහි දී සාකච්ඡා කර තිබේ.

උදයජීව ඒකනායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post