ඇඳිරිනීතිය පැනවෙන වේලාවේ වෙනසක්


අද (16) රාත්‍රියේ ඇඳිරිනීතිය පැනවෙන වේලාව සංශෝධනය කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද රාත්‍රී 11.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.
‍$ads={2}
ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳීසිටීමට කිසිවෙකුට අවසර නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post