ඇඳිරිනීතිය තාවකාලිකව ඉවතට


දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය අද උදෑසන 6.00ට ඉවත් කෙරුණි.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ යළි අද පස්වරු 2.00ට පැනවෙන ඇඳීරිනීතිය හෙට පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන බවය.

මහජන ආරක්ෂක අංඥා පනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකුලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය නව වන දින රාත්‍රී 7 සිට මුළුදිවයිනට ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නිතිය පනවනු ලැබීය.

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරිය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැදී සිටිමට තහනම් වනු ඇති.
$ads={2}
මේ අතර මැර කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩ කණ්ඩායම් විසින් සිදුකරන රථ වාහන සෝදිසි කිරීම් රාජ්‍ය හෝ පෞද්ගලික දේපලවලට හානිකිරීම, කොල්ලකෑම් හා පහරදීම් වැනි සිද්ධීන් වැළැක්වීමට අවශ්‍ය බලය යෙදවීම සහ අවශ්‍ය විටක වෙඩි තැබීමේ බලය පාවිච්චිචි කිරීමටත් ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබාදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේය.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේන්නකෝන් මහතා අද දිනයේ ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමට නියමිතව තිබෙනවා.

පසුගිය 9 වැනි දින සිදුවු ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී නිරික්ෂණය කරන ලද කරුණු අනුව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද කැදවීමක් සිදුකර ඇති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post