18 ත්‍රස්ත ප්‍රහාරය ගැන හෙළිදරව්වේ නවතම තොරතුරු


එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය විසින් මැයි මස 18 වැනි දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දීය THE HINDU පුවත්පතේ පුවත සම්බන්ධයෙන් අද (15) දින ආරක්ෂක අමාත්‍යංංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය 13 වැනි දින ඉන්දීය පුවත්පත විසින් මෙම ප්‍රවෘත්තිය වාර්තා කර ඇති බව පවසන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ඉහත තොරතුරු සබැඳිව මෙරට බුද්ධි අංශ විසින් ඉන්දීය බුද්ධි අංශ වෙතින් කරුණු විමසීමෙන් අනතුරුව එම තොරතුර සාමාන්‍ය තොරතුරක් ලෙස දන්වා ඇති බවයි.
$ads={2}
මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වැඩිදුර තොරතුරු වේ නම් ඒවා ගැන මෙරටට දැනුම්දීමට කටයුතු කරන බව ද දන්වා ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙම තොරතුර සහ ජාතික ආරක්ෂාව හා සබැඳිව බුද්ධි සහ ආරක්ෂක අංශ වෙත දැනුවත් කර මේ වනවිටත් අවශ්‍ය සියලුම ආරක්ෂාව තර කරමින් ක්‍රියා කිරීමට කටයුතු කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post