මින් පෙර මවකට හා දියණියකට අතවර කරන්න ගිය සැකකරු ෆාතිමාට මොකද කළේ?


අටලුගමදී අතුරුදන් වූ ෆාතිමා දැරිය ඝාතනය කර දමා සිටි වගුරු බිමට යාබදව කීර කොටුවක් කරන පුද්ගලකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ග කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ශරීරයේ ස්ථාන කීපයකම සීරීම් තුවාල දක්නට ලැබෙන අතර සැකකරු පදිංචි නිවසේ ඇද යට සඟවා තිබූ මඩ තැවරුණු සරමක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
$ads={2}
දැරිය අතුරුදන් වූ දිනයේ පෙරවරු 10:15 ට පමණ මෙම පුද්ගලයා දැරිය ගමන් ගත් මාර්ගයේ ඔහුගේ කීර කොටුව ඉදිරිපිට මුල්ලුවක් අත දරාගෙන සිට බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

සැකකරු මීට පෙර ද මවක් හා දියණියක් සිටින නිවසකට රාත්‍රී කාලයේ දී ඇතුළුවී ලිංගික අතවර කිරීමට තැත් කළ පුද්ගලයකු බවද වාර්තා වේ.

මීට අමතරව දැරියගේ නිවස අසලම පදිංචිවී සිටින පුද්ගලයෙකු කෙරෙහිද මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිසියේ සැකය යොමුව තිබේ. මෙම පුද්ගලයා දැරියගේ නිවසට නිතර ආ ගිය දැරිය හොඳින්ම හඳුනන අයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post