රටක් හඬවමින්, මඩ වගුරක සැඟව ගිය මල් කැකුළ..... මේ අපරාධය කළේ කීරකොටු හිමිකරු ද ?


පසුගියදා වාර්තා වූ අටලුගම ඛේදවාචකය ගැන තවමත් රටම කතා වන මොහොතකි මේ.

එලෙස රහස් රැසක් ඉතිරි කරමින් මෙලොව හැර ගියේ ෆාතිමා අයිෂා නම් සිඟිති දැරියයි.

අතුරුදන් වූ බව පවසමින් සෙවූ දැරියගේ නිසල දේහය අසල වගුරු බිමකින් සොයාගනු ලැබුවා.

දැරියට මෙම අපරාධය කළවුන් සොයා පොලිස් පරීක්ෂණ දියත් වන මොහොතක අසල කීරකොටුවක් පවත්වාගෙන ගිය අයෙක්ව සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.
$ads={2}
සැකකරු පදිංචි නිවසේ ඇඳ යට මඩ තැවරුණු සරමක් ද තිබී හමුවූ බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස ඝාතනයට ලක්වූ දැරියගේ සිරුර හමුවූයේත් සැකකරුගේ කීර කොටුවට යාබදව පිහිටි ලදු කැලෑවෙ මඩ ගොහොරුවෙන්.

බණ්ඩාරගම පොලීසිය විසින් සිදුවීම සම්බන්ධ ඉදිරි පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුකෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post