පෙට්‍රල්-ඩීසල් සලාක ක්‍රමය ඇරඹේ.. අද සිට ක්‍රියාත්මකයි.


ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් අද පස්වරු 01.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට‍්‍රල් ඩීසල් නිකුත් කිරීම සීමා කර තිබේ.

ඒ අනුව වාහන කාණ්ඩ සඳහා ඉන්ධන සීමා සහිතව නිකුත් කරන ලෙස සියළු බෙදුම්හල් වෙත උපදෙස් දී ඇත.
$ads={2}
කෙසේ වෙතත් බස්, ලොරි සහ වාණිජ කටයුතු සඳහා යොදාගන්නා ට්‍රැක්ටර් ඇතුළු වාහන වලට සීමා අදාළ නොවන බව සංස්ථාව සඳහන් කරයි.

ඉන්ධන නිකුත් කරන සීමාවන් මෙසේය.

යතුර පැදි – රුපියල් 1000
ත්‍රිරෝද රථ – රුපියල් 1500
මෝටර් රථ, වෑන්, ජීප් – රුපියල් 5000

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post