සජිත් පේ‍්‍රමදාසට ආණ්ඩුව බාර ගන්නැයි ආරාධනා කරයි…


විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ආණ්ඩුව බාර ගන්නැයි ආරාධනා කරන බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා මෙම අදහස් පල කලේය.
$ads={2}
කතානායකතුමනි එතුමා කිව්වා පළවෙනි දේ ගෝඨා go home කියලා. එතුමාට මම මතක් කරනවා ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්නේ නැහැ. අපි ඔබතුමාලගේ ඔය යටි අරමුණත් එක්ක හැප්පෙන්න ලෑස්තියි. මේ ප්‍රජාතන්ත්‍රවාදීව මේ ඉන්න ඔක්කොම. අපි දන්නවා ඔබතුමාගේ ගේම් ටික. ඒක මූණටම කියනවා ඔබතුමාට. දෙවනියට තමයි ඔබතුමාට කිරිපිටි මතක් වෙන්නේ. ගෑස් මතක් වෙන්නේ. තෙල් මතක් වෙන්නේ. ගරු කථානායකතුමනි අපි විපක්ෂයට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමාටත්, ඒ කණ්ඩායමටත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත්, අනිත් අයටත් අද විවාදයකින් තොරව ඡන්දයකින් තොරව මේක අනුමත කරල දුන්නට. මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. රටක් තියෙන්න ඕනේ ඔබතුමාලාට දේශපාලනය කරන්නත්, අපි ඔක්කොටම දේශපාලනය කරන්නත්. විප්ලවවාදීන්ට මේකට ඉඩ දෙන්න විදිහක් නෑ. මේවට අපි මුහුණ දුන්නා 71දී. මැතිණිය කාන්තාවක් වුණත් මේකට මුහුණ දුන්නා. රටේ තරුණ දහස් ගණනක් මැරුණා එදා. කනත්තට තමයි එක්ක ගියෙ. කනත්තට දැක්කුවා. ඒ පාප කර්ම වලින් කවදාවත් මිදෙන්න බැහැ. ඊළඟට 88/89යෙ හැටදාහක් මැරුවා. මේ රටේ තරුණ තරුණියෝව. එවා මේ රටේ ජනතාවට අමතක වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා කිරිපිටි ගෑස් තෙල් ඒව සංවේදී ප්‍රශ්න. විපක්ෂ නායක තුමා ඇතුළු කණ්ඩායම මේක තේරුම් අරන් තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා. මේක අපි ඔක්කොම එකතුවෙලා මේක විසඳන්න ඕනි. මේක විසඳගමු. අපිට විශ්වාසයක් තියෙනවා මේක විසඳගන්න පුළුවන් වෙයි කියලා. මේක තමයි ධනාත්මක තත්ත්වය. ධනාත්මක පැත්තෙන් මේක බලන්න ඕනේ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේක අමාරු කාලයක්. ඒක අපි දන්නවා.

මේක ගැන කතා කරන්න ගියොත් අපිට පුළුවන් පහුගිය අවුරුදු පහට මඩ ගහන්න. ඒ වෙච්ච දේවල් කියන්න. ලෝන් ගත්ත ඒවා ගැන ඔබතුමාලට කියන්න පුළුවන්. ඒවා ගැන කිය කියා අපිට ගහගන්න පුළුවන්. හැබැයි රට අර්බුදකාරී තත්වයකට ඇවිල්ලා තියෙනවා. ලෝක ව්‍යයසනයක් එක්ක. කොවිඩ් එක හරහා අපි ඒක පිළිගන්න ඕනේ. භාණ්ඩ මිල මුළු ලෝකෙම වැඩිවෙලා තියෙනවා. තෙල් හිඟ සමහර රටවල් වල ඇති වෙලා තියෙනවා. පෝලිං ඇතිවෙලා තියනවා. ඒවා ලංකාවේ විතරක් නෙවෙයි. දැන් මේ සමහර අය පෙන්නන්න හදනවා මේක ලංකාවේ විතරයි තියෙන්නෙ කියලා. ඉතාමත්ම ගෞරවයෙන් කියනවා අපි අනිවාර්යෙන්ම සැලසුම් සහගත ලෙස මේ ප්‍රශ්න ටිකට අනිවාර්යෙන්ම විසඳුම් දෙනවා කියලා. ඒක ඉතාමත්ම ගෞරවයෙන් අපි මේ සභාවේදී මතක් කරනවා. අපේ ජනතාවට සියලුම දෙනාම වෙනුවෙන් මම මතක් කරනවා. ඊළඟට එතුමා කිව්වා කැබිනට් මණ්ඩලයේ ඉතිහාසයේ පළවෙනි වතාවට ඉල්ලලා අසුවුණා කියලා. ඉතින් හොඳයිනේ. ඇයි අපි ඉල්ලලා අස්වුණේ. කවුද එහෙම ඉල්ලලා අස් වෙන්නේ. අපි ඉල්ලලා අස්වුනේ තමුන්නාන්සේලාගේ ඉල්ලීමට. ආණ්ඩුවක් කරන්න අපි ආරාධනා කරනවා විපක්ෂ නායකතුමාට. ඉතාමත් හොඳ අදහස් ගැන එතුමා කතා කෙරුවා පළවෙනි රැස්වීමේදී. ඔබතුමා කතා කරලා ඉක්මනින් ගියා එතනින්. ඒ ගැන මං කතා කරන්න කැමති නෑ. ඒ තත්වෙට යන්න හොද නැහැ. මේ රටේ ජනතාව ඒ ගැන බලාගෙන හිටියා. ඔබතුමා මගේ නම කියද්දිත් මම මුකුත් කියන්න ගියේ නැහැ. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඡන්දෙන් බලයට පත්වෙච්ච ආණ්ඩුවක් 69 ලක්ෂයක් ජනාධිපතිතුමාට අවුරුදු පහක බලයක් දීලා ජනාධිපති කරපුහාම. ඒ ජනාධිපතිට ගෙදර යන්න කියනවා නම් ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න. මේ කවුරුත් ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න සූදානම් නැහැ. මේ දෙපැත්තෙම ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අය. එකේ ඔබතුමාගේ යටි අරමුණ පේනවා. ඔබතුමා මේ විනාඩි 15 කතා කෙරුවේ ගෝඨා go home. ව්‍යවස්ථාව අවශ්‍ය නැහැ. ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න. ඒක තමයි ඔබතුමා නුගේගොඩ කිව්වේ. ඔබතුමා හිතන්න එපා අපි මෝඩයෝ කියලා.

අපි ඔබතුමාගේ කතන්දර ඔක්කොම හොඳට අහගෙන ඉන්න අය. ඔබතුමාලගේ කතන්දර වලට අහුවෙන අය ඇති. එහෙම අහු වෙච්ච ගියා කනත්තට. 71, 88, 89යේ ඒවා ආපහු ගේන්න එපා. මේ රට ආපස්සට ගෙනියයි කියලා එක්සත් ජාතික පක්ෂයටත් බනිනවා. මෙහාටත් බනිනවා. හැබැයි තමුන්නාන්සේලා මිනිස්සු මරාගෙන මේ රටේ ආර්ථිකය මොනතරම් විනාශ කලාද? ඔබතුමාලාගේ කාලයේ. ඒක අමතක කරන්න එපා. නිකම් මේ තමුන්නාන්සේ සුදනා වෙලා. තමන්ගේ පක්ෂ සුදනා වෙලා, කරන්න තියෙන ඔක්කොම විනාශ කරලා. මේ පක්ෂ දෙකට ගහන්න සූදානම් වෙන්න එපා. තමුන්නාන්සේ ඇමැතිකම් ගත්තා අපි ඔක්කොම දන්නවා. මම එතැනට වැටෙන්නේ නැහැ. මම ආදරෙන් මේ රටේ ජනතාවට කියනවා, මේක කුමන්ත්‍රණයක්. ව්‍යවස්ථාවෙන් පිට කොහොමද වැඩ කරන්නේ. අපි ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා. අපි දිවුරුම් දීලා තියෙනවා. ඒ නිසා තමුන්නාන්සේ ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන එක තමයි 88 89 71 කාලෙදි කෙරුවේ. ඒක තමයි අදත් කරන්නේ. අදත් අපි දකිනවා තරුණයෝ ගණනාවක්. ඔබතුමා කියනවා 69ලක්ෂ ඡන්දෙ දුන්න අය බැහැලයි කියලා. ඔබතුමාලා හිමින් ඇවිල්ලයි විපක්ෂය අය උද්ඝෝෂණ කරද්දි ඒවට රිංගලා ඒකෙ ලකුණු ටිකක් ගන්න හදනවා. තමුන්නාන්සේලාගේ සෙනග කියලා. කැබිනට් එක ඉල්ලලා අස්වුනේ අපිට ඔක්කොටම එකතු වෙලා වැඩ කරන්න පුළුවන් වෙයි කියලා හිතපු නිසා.

විවිධ අය කිව්වා ඉල්ලා අස්වෙන්න එපා කියලා. මේකට මූණ දෙන්න ඕනේ. මේකට හැප්පෙන්න ඕනේ. සියලු දෙනා කැමැත්තෙන් ඉල්ලා අස්වුණේ නැහැ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමට තමයි අපි ඉල්ලලා අස්වුණේ. ඔබතුමා දන්නවා දවස් පනස් එකේදි ඔබතුමාලා සටන කෙරුවා. අපි සටනක් කෙරුවා. ඔබතුමාලා බලය දාල ගියේ නෑ. අලියගහ මන්දිරයේ හිටියා. ජනාධිපතිතුමා කිව්වා අපි අවස්ථාවක් දෙමු. මේක අර්බුදකාරී තත්ත්වයක්. අපි කොවිඩ් එකට මුහුණ දුන්නා. අපි මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගත්තා. එන්නත ලබා දීලා. හැබැයි මේ ප්‍රශ්නෙදි ජනාධිපතිතුමා කල්පනා කෙරුවා කැබිනට් එක ඉල්ලලා අස්වෙලා ඔක්කොම එකතුවෙලා වැඩ කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි කලින් දවසේ සාකච්ඡාවක් තිබ්බා. පක්ෂ ගණනාවක් ජනාධිපතිතුමාව හම්බ උනා. ඒක ඉතාමත්ම හොද දෙයක්. තමුන්නාන්සේලා එතැන නැහැ. තමුන්නාන්සේලාට ඕනේ අර්බුදයක්. තමුන්නාන්සේලාට ඕනේ විනාසයක්. තමුන්නාන්සේලාට ඕනේ ලේ දකින්න. තමුන්නාන්සේලාට ඕනේ මිනිස්සු මැරෙනවා දකින්න. තමුන්නාන්සේලාට ඕනේ පෝලිං. මේක තමයි ඇත්ත. ඔබතුමා සහ ඔබතුමාගේ පක්ෂයේ අයට ඕනේ පෝලිම් දකිනකොට සතුටුයි. ගෑස්, තෙල් පෝලිම දකිනකොට සතුටුයි. ඒක තමයි තමුන්නාන්සේලා දකින්නේ. එතකොට තමුන්නාන්සේලාට පුළුවන් දේශපාලනය කරන්න. තමුන්නාන්සේලාට ඕනේ විශ්වවිද්‍යාලය ටික වහන්න, පාසල් ටික වහන්න. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමුන්නාන්සෙගේ පක්ෂය ඊයේ මුළු ලංකාවේම දරුවො ටික එළියට බහින්න කටයුතු කෙරුවා. ළමයි අරගෙන දරුවා අරගෙන ඔහොම තමයි 88/89 දී කෙරුවේ කතානායකතුමනි. අසූ අට අසූ නමයේදී කෙරුවෙ තුන්දෙනෙක් විතර ඇවිල්ලා තුවක්කු අරගෙන ගමේ ඔක්කොම ඉස්සරහ පාරේ ඇවිදින්න කියනවා. ඒක තමයි තමුන්නාන්සෙගේ තුවක්කු සංස්කෘතිය. අද කරන්න හදන්නෙත් ඒ ටික.

මම ඔබතුමාට කියනවා කරුණාකර මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඇතුලේ ඉන්න. ඕක පෙන්නලා ගිහිල්ලා ඕව කරන්න හදන්න එපා. මේ රට විනාශ කරන්න එපා. මේ මාස දෙකේ අපි බොහොම අමාරුවෙන් ගොඩනැගිලා. කොවිඩ් එකෙන් ආරක්ෂා කරගෙන මේ රටට විදේශිකයෝ එන්නේ යනකොට තමුන්නාන්සේලා මුළු රටට ගිනි තිබ්බා. ප්‍රේමදාස මහත්තයාගේ විපක්ෂයේ උද්ඝෝෂණයක් කලා කණ්ඩායම ඒක්ක, අපිට ගැටළුවක් නැහැ. බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කෙරුවෙ. ජනාධිපතිතුමාගේ ගෙදරට පහර දෙනකොට එතුමා මරමු කියනකොට ඒ හොඳට කරපු අය එතනින් ගියා. අපි ඒක දන්නවා. අපිත් හිටියා ඔය පක්ෂ වල. ඊට පස්සේ කවුද මේක ඩැහැගත්තේ. ඒක තමුන්නාන්සේලා මිසක් වෙන කවුරුත් නෙමේ. ඒක තමයි ඇත්ත. ගරු කතානායකතුමනි මම මතක් කරනවා ව්‍යවස්ථාවෙන් පිට අපි කිසිසේත්ම වැඩ කරන්නේ නැහැ. එන ඡන්දෙදි අපිව විපක්ෂයට යවන්න. අපි විපක්ෂයට යනවා. හැබැයි ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න කිසිසේත්ම අපේ රජය සහ ගෝඨාභය ජනාධිපතිතුමා ඉඩ දෙන්නේ නැහැ. අපි මේ රටේ පරමාධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය දිවිහිමියෙන් රකිනවා. කාටත් දේශපාලනය කරන්න රටක් තියෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනේ ඒ නිසාම අපි තමුන්නාන්සේලාට ඉතාමත් ආදරයෙන් වැඳලා කියනවා මේ රටේ තරුණය ටික පාරට ඇදලා දාලා මරන්න හදන්න එපා අනුර කුමාර දිසානායක මැතිතුමනි, මම බොහොම ආදරෙන් කියනවා පාසල් දරුවො ටික මරන්න හදන්නේ එපා. තමුන්නාන්සේලා හදන්නේ මේ රට ගිනි තියන්න. රට විනාශ කරන්න. තමුන්නාන්සේට ඊයෙ වෙච්ච ප්‍රශ්නය ගැන මම මතක් කරනවා. ඊයෙ වෙච්ච ප්‍රශ්නය ගැන මේ රටේ ජනතාව දැන ගත්තා. ඒක හින්දා තමයි උද්ඝෝෂණ අඩු වුණේ. අපේ පරණ එක්සත් ජාතික පක්ෂයේ අය කිව්වා, අපි අහු උනා කියලා. මේ ගොල්ල තමයි මේක පිටිපස්සේ ඉන්නේ. මේ හදන්නේ මරන්න. ප්‍රේමදාස මහත්තයා බලයට ගේන්න නෙමෙයි. මේ හදන්නේ කුමන්ත්‍රණයකින්, විප්ලවයකින්, රටේ පාලන බලය අල්ලන්න කියලා අද විපක්ෂයේ ඉන්න අය අපිට කතා කරලා කියනවා.

අද ඉන්න තමුන්නාන්සේලා තමයි එදා හිටපු ගෝනි බිල්ලෝ. එදා හිටපු කොල්ලො ටික තමුන්නාන්සේගේ සහෝදරයෝ ටික මරන්න ඔත්තු දීලා ගෝනි බිල්ලෝ වගේ වැඩ කලේ තමුන්නාන්සේලා. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒක මේ රටේ ජනතාව දන්නවා. කථානායකතුමනි, ආදරයෙන් කියනවා මේකට යන්න එපා. මේ මිනීමරන යුගයට යන්න එපා. මේ රට ගිනි යන්න එපා කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. මේ රටේ තරුණ පරාව පරම්පරාවෙන් අපි ඉල්ලනවා මේකට අහුවෙන්න එපා. මේ රටේ අහිංසක අම්මලා තාත්තලාගෙ දරුවො කී දාහක් එදා මැරුණාද?. එතනට මේ රට ගෙනියන්න එපා. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයෙන් එලියට ගෙනියන්න එපා කියලා මම බොහොම ආදරෙන් ඉල්ලනවා. අපි ආදරෙන් කියනවා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට ඔබතුමා ඉන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය තුළ, මූණට ප්‍රජාතන්ත්‍රවාදය පෙන්නලා, රටට පෙන්නලා ප්‍රජාතන්ත්‍රවාදීන් බව යටින් ගහන්න එපා. ඔබතුමා කිව්වනේ මෝටර් සයිකල් තියෙනවා, helmet තියෙනවා කියලා. ඒක අපි දන්නවා. ඔබතුමාලා කටයුතු කරපු ආකාරය. ඒ නිසා ගරු කතානායකතුමනි මම බොහෝම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා අපි එකතුවෙලා මේ ප්‍රශ්න ටික විසඳාගමු. ඡන්ද වලට යන්න පුළුවන් නං අපි දින තීන්දු කරලා, අපිට ඡන්ද යන්න පුළුවන් වෙයි. හැබැයි මේ රටේ දුක් විඳින ජනතාවගේ මේ සියලුම ප්‍රශ්න ටික අපි එකතුවෙලා විසඳගමු කියලා ගරු කථානායකතුමාගෙන් ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා

– Media unit

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post