
සියලු පක්ෂවලින් සැදුම්ලත් අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
$ads={2}
මේ අතර එම ආණ්ඩුවේ අග්‍රමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පත්කරගැනීම සියලු පක්ෂවල නායකයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් වෙත පැවරෙන බව ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.