ඉන්ධන මිලට රට පුරා මහ විරෝධතා.. පාරවල් වහති.. දුම්රිය හරස් කරති.. ටයර් පුච්චති..


ඉන්ධන හිගය හා මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් රට පුරා ප්‍රදේශ ගණනාවක මේ වන විට දැවැන්ත විරෝධතා පැවැත්වෙමින් තිබේ.

ප්‍රධාන මාර්ග ගණනාවක් වාහන මගින් අවහිර කරමින් ජනතාව මෙසේ විරෝධතාවේ යෙදී සිටි.

ඒ හේතුවෙන් එම මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.
$ads={2}
ඇතැම් ස්ථානවල විරෝධතාවයේ යෙදෙන්නන් විසින් ටයර් පුළුස්සා ඇත.

ඇතැම් ප‍්‍රදේශවල දුම්රිය මාර්ගයන්ද අවහිර කර ඇති බවත් වාර්තා වෙයි.

ඉන්ධන මිල වැඩි කිරීමත් සමග බොහෝ ප්‍රදේශ බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටින බව බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post