අගමැති මහින්දගෙන් විශේෂ ආරාධනයක්


සමාජ, ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්ව සිටින විරෝධතාවයේ නිරත පිරිස් සමග සාකච්ඡාවකට සුදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිතය.
$ads={2}
එම සාකච්ඡාව සඳහා විරෝධතාවයේ නිරත පිරිස සුදානම් නම් තමන් ඒ සඳහා එම පිරිසේ නියෝජිතයන්ට ඊට ආරාධනා කරන බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කොළඹ ගාලුමුවදොර පිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවය අද පස්වන දිනටත් අඛණ්ඩව පැවැත් වේ.

දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන දින එම විරෝධතාවය ආරම්භ වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් සවිකර ගනිමින් විරෝධතාකරුවන් දිවා රෑ විරෝධතාවයේ නිරත වී සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post