ඉන්ධන මිල වෙනස් වෙන හැටි


ඉදිරියේදී ඉන්ධන මිල සංශෝධනය මිල සූත්‍රයක් යටතේ සිදුකරන බව අමාත්‍ය කංචන විජේරත්න මහතා සඳහන් කළේය.

මේ වනවිට ඩොලරයේ අගයට සාපේක්ෂව ඉන්ධන මිල ගණන්වලින් රජය පාඩු ලබන බවයි ඔහු පැවසුවේ.

“වැඩි කරපු මිල ගත්තත් මේ මොහොත වන විටත් පෙට්‍රල් 92 තවමත් 13.38ක පාඩුවක් තිබෙනවා. මුදල් අමාත්‍යාංශය අය කරගන්නා බද්ද නැතුව. පෙට්‍රල් 95 රු 3.28ක්, ලංකා ඔටෝ ඩීසල් කියන එක 68.79ක්, ඒ වගේම ලංකා සුපර් ඩීසල් කියන එක 67.46ක්, ඒ වගේම භූමිතෙල් 232.33ක්. මේ අද දවසේ වටිනාකම වන රුපියල් 340 කියන අගයට.
$ads={2}
තෙල් මිල අඩු කරන්න කියන්නේ අපිට වියදම් වන මුදලට වැඩිට අඩු මුදලකට විකිණීම නොවෙයි අපි සිදුකළ යුත්තේ. එහෙම තත්ත්වයට පත් වෙනවා නම් දීර්ඝ වශයෙන්ම ඒ ලබාදෙන සහනාධාර නිසා කාලයක් යන විට අපේ රට බංකොළොත් වන එක නතර කරන්න බැරුව යනවා. වගකීමෙන් කියනවා මීළඟ ඉන්ධන මිල සං‍ශෝධනයක් සිදුවෙන්නේ. ඒක ඉහළ යන්න පුළුවන් පහළ යන්න පුළුවන්. ඒ සංශෝධනය සිදුවන්නේ මිල සූත්‍රයක් මත. අඩුම තරමේ අපි මාසයකට සැරයක් එහෙම සිදුකරනවා නම්, IOC සමාගම සහ අපි දෙගොල්ලොම එක මිල සූත්‍රයක් යටතේ මේක කිරීමට තමා බලාපොරොත්තු වෙන්නේ.”

ප්‍රශ්නය – ඔබතුමා පැහැදිලිවම කියනවා ඉන්ධන තියනවා කියලා නේද ?

“අපේ රටේ මේ මොහොතේ ප්‍රමාණවත් තොග තිබෙනවා. අනිවාර්යයෙන් මැයි මාසේ පළවෙනි සතියෙන් ඉක්මවන කාලය දක්වා. විදුලි බලාගාරවලට සහ ඒවාට අවශ්‍ය තොග මේ මොහොතේ රටේ තිබෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post