
ඊයේ රාත්‍රියේ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරි නීතිය පනවා අද අලුයම පහට ඉවත් කර ඇත.
කොළඹ උතුරු, කොළඹ මධ්‍යම, කොළඹ දකුණ, මිරිහාන, කැලණිය, ගල්කිස්ස යන පොලිස් බල ප්‍රදේශවල මෙම ඇදිරි නීතිය ක්‍රියාත්මක කල බව පොලිසිය කියයි.
$ads={2}
මීට හේතු වී ඇත්තේ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ කලහාකාරිව හැසිරුනු පිරිස් ආරක්ෂක අංශ සමග ගැටුමක් ඇති කර ගැනීම හා වාහන කීපයකට ගිනි තැබීමයි.
ගැටුම නිසා තුවාල ලැබූ කීප දෙනකු රෝහල් ගත කර ඇත.
සිදුවීම සම්බන්දයෙන් පුද්ගලයන් 45ක් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලිසිය කියා සිටී.