ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කරයි


ලැබී ඇති බුද්ධි තොරතුරු අනුව ස්ථාන රැසක ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා පැවසුවේය.
$ads={2}
ව්‍යවස්ථානුකුලව මහජනතාවට සාමකාමිව සිය විරෝධය පල කිරීමට ඇති අයිතියට ගරු කරන නමුත්, ‍රජයේ දේපොළ සහ පොදු දේපොළවලට හානිවන ආකාරයට ක්‍රියා කරන්නේ නම්, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post