අගමැතිකමෙන් ඉවත්වන්න සූදානම් බව අගමැති ජනපතිට කියයි?


රට තුළ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ රාත්‍රියේ පවත්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමතිවරුන් වන ,චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇතැයි වාර්තා වේ.
$ads={2}
රට තුළ ඇතිව තිබෙන බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදය මෙන්ම ආණ්ඩුවට එරෙහිව ගෙන යන මහජන අරගලය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ. එමෙන්ම මෙහිදී පවතින තත්ත්වය පිළිබසව දීර්ඝව සාකච්ජා වී ඇති අරත ජනාධිපතිවරයා යෝජනා ‌කොට ඇත්තේ අගමැතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙසටය. එහිදී අගමැතිවරයාද පිළිතුරු දෙමින් කියා ඇත්තේ ජනාධිපතිවරයා තමන් ඉවත් විය යුතු බව කියන්නේ නම් තමන් ඉල්ලා අස්වී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් යැයි කියාය.

කෙසේවෙතත් මෙහිදී සාකච්ජාවට මැදිහත් වී ඇති බැසිල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ මේ සම්බන්ධයෙන් පක්ෂය සමග සාකච්ජා කොට තීන්දුව අද දිනයේදී දැනුම් දෙන්නම් යැයි කියාය. මෙම සාකච්ඡාව ඊයේ මැදියම් රැය වන තෙක්ම පැවති බවද දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post